පානදුර කෙසෙල්වත්ත දිග්ගල දෙපිරිසක් අතර ගැටුමක් STF යොදවයි



පානදුර කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ ඊයේ පස්වරුවේ දෙපිරිසක් අතර සිදු වූ ගැටුමකින් පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 05 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

ත‍්‍රීරෝද රථයකින් පානදුර දෙසට ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු විසින් දිග්ගල පූර්වාරාමය අසළ මාර්ගය අවහිර කරමින් ජංගම දුරකතනයකින් ඇමතුමක් ලබාගනිමින් සිටි පුද්ගලයෙකුගෙන් ඒ පිළිබඳ විමසීමක් කර තිබෙනවා. ඊට උරන වූ පුද්ගලයා හා ත‍්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් අතර බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

පසුව තවත් කිහිප දෙනෙකු එම ස්ථානයට පැමිණ මෙම ගැටුමට සම්බන්ධ වී තිබෙනවා.

ගැටුමෙන් පසු පානදුර කෙසෙල්වත්ත දිග්ගල ප‍්‍රදේශයට STFආරක්ෂාවද සැපයූ බවයි පොලිසිය පැවසුවේ.
පහතින් එම වීඩියෝව අසභ්‍ය වචන ඇත.



No comments

Powered by Blogger.