ජිනීවා නුවර පැවති සාකච්ඡාවක් අවසානයේ සිවාජිලිංගම් යකා නටයි උණුසුම් වචන හුවමාරුවක් - Video - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ජිනීවා නුවර පැවති සාකච්ඡාවක් අවසානයේ සිවාජිලිංගම් යකා නටයි උණුසුම් වචන හුවමාරුවක් - Video



ජිනීවා ප්‍රධාන රැස්වීමට සමගාමීව පැවැත්වෙන පැසුමයි තායගම් (හරිත මව්බිම) නමැති සංවිධානය විසින් සංවිධානය කළ රැස්වීමක ඊයේ (18) දින  ටීඑන්ඒ සාමාජික එම්. කේ. සිවාජිලිංගම් හා සරත් වීරසේකර නායකත්වයෙන් යුත් කණ්ඩායම අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.


මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) සහ අනෙකුත් දෙමළ කන්ඩායම්වල සාමාජිකයන් කිහිප දෙනෙක් මෙම අවස්ථාවට සහභාගි වූ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්ද එක් විය.

එහිදී සියළුම ශ්‍රී ලාංකිකයින්ට එකට ජීවත්වීමට ඉඩ දිය යුතුබව තර්ක කළ සරත් වීරසේකර මහතාගේ අදහසට එරෙහිව සිවාජිලිංගම් මහතා නැගීසිටීම හේතුවෙන් මෙම උණුසුම් වචන හුවමාරුව ඇති වූ බවයි එහි සිටි පිරිස සඳහන් කළේ.
පහතින් එම විඩියෝව


No comments

Powered by Blogger.