ඥාතීන්ගේ සෝසුසුම් මැද එකම පවුලේ 10 දෙනාගේ මෘත දේහයන් නිවසට රැගෙන එයි - Video
මහියංගන ජාතික පාසල ඉදිරියේදී සිදුවූ අනතුරින් ජිවිතක්ෂයට පත්වූ එකම පවුලේ 10 දෙනාගේ මෘත දේහයන් හදිසි මරණ පරික්ෂණයෙන් පසු ඥාතීන් වෙත බාර දී තිබේ.
අවසන් ගෞරව දැක්වීම සඳහා බොහෝ පිරිසක් පැමිණෙන බවටයි වාර්ථා වෙන්නේ.
ඊයේ අළුයම 01.30ට පමණ පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.
අනතුරින් වෑන් රථයේ ගමන් ගත් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර කාන්තාවන් තිදෙනෙක් සහ කුඩා දරුවන් තිදෙනෙක් මියගිය පිරිස අතර වෙයි.
මෙසේ මිය ගිය ගොස් ඇත්තේ මඩලකපුව ප්රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.
ෙ
වෑන් රථයේ 12 දෙනෙකු ගමන්කර ඇති අතර බරපතළ තුවාල ලැබු කාන්තාවන් දෙදෙනෙක් මහියංගන රෝහලට ඇතුළත් කරණු ලැබූවා.
ත්රිකුණාමලය සිට දියතලාව බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක් බදුල්ල දෙස සිට මහියංගනය දෙසට ධාවනය වු වෑන් රථයක, මහියංගනය ජාතික පාසල ඉදිරීපිටදී මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.
Leave a Comment