තවක් ඇමති ධූර 10ක් දෙන්න ලැයිස්තුව ජනපතිට යොමුකරයි ජනාධිපත් එය කුණුකුඩෙට දමයි



නව ඇමතිධුර ලැයිස්තුවක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමු කර ඇති බව වාර්තා වේ.  ඒ අනුව ඇමතිධුර ලබා දිය යුතු 10 දෙනෙකුගේ නම් මෙලෙස  ජනාධිපති වරයා වෙක යොමු කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හය දෙනෙක් සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන 04 දෙනෙක් ඊට ඇතුලත්.

විජිතමුනි සොයිසා, ඒ.එච්.එම්. ෆවුසි, පියසේන ගමගේ, මනුෂ නානායක්කාර, ඉන්දික බණ්ඩාරනායක යන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් පාලිත රංග බණ්ඩාර, වසන්ත සේනානායක, ඩී.එම්. ස්වාමිනාදන් යන එජාප මන්ත‍්‍රීවරුන් ඇතුළු දස දෙනෙකුගේ නම් ජනාධිපතිවරයාට අගමැතිවරයා විසින් නිර්දේශ කර ඇත.

කෙසේ වෙතත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරන්නේ ජනාධිපතිවරයා විසින් තවත් ඇමතිධූර ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

No comments

Powered by Blogger.