මහියංගණ-බදුල්ල මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළු 10ක් මියගොස් දෙදෙනෙකුට බරපතලයි

 මහියංගණ-බදුල්ල මාර්ගයේ මහියංගණ මහා විද්‍යාලය ඉදිරිපිට  අද අලුයම 1.30ට පමණ  සිදු වූ අනතුරකින් කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළු 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ත්‍රිකුණාමලය සිට දියතලාව දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා මහියංගණය දෙසට ධාවනය වූ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන්.

අනතුරින් වෑන් රථයේ ගමන් කළ 12 දෙනෙකු බරපතළ තුවාල ලබා මහියංගණය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් 10 දෙනෙකු මියගොස් ඇති අතර, මිය ගිය අය අතර  කුඩා දරුවන් තිදෙනෙකු, කාන්තාවන් තිදෙනෙකු ද සිටින බවටයි වාර්තා වෙන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.
එමෙන්ම අනතුරින් බරපතළ තත්ත්වයේ පසුවන කාන්තාවන් දෙදෙනෙකු මේ වන විට මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අනතුර සම්බන්ධයෙන්, බස් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇත.






No comments

Powered by Blogger.