විස්සට 25ක් දඹුල්ල රෝහලට අයෙක් මරුට - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

විස්සට 25ක් දඹුල්ල රෝහලට අයෙක් මරුට


දඹුල්ල නගරයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර ඇති වූ ගැටුමකින්  හා රිය අනතුරකින්  එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ අදාළ සංගීත ප්‍රසංගය සංවිධානය කර ඇත්තේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිකර වසර 20ක් සපිරීම නිමිත්තෙනුයි.

 පොලීසිය සඳහන් කළේ බීමතින් සිටි පුද්ගලයින් අතර ඇති වූ මෙම ගැටුම පාලනය කිරීමට ද දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදුවූ බවයි.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රී 12:00 සිට අළුයම 5 වන විට   තුවාලකරුවන් 25 දෙනෙකු දඹුල්ල රෝහලට ඇතුළත් කළ බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

No comments

Powered by Blogger.