හෙට ජාතික ශෝක දිනයක් - ප්‍රහාරයට ගොදුරු වූවන් උදෙසා ලක්ෂයක අවම මුදලක සිට රුපියල් ලක්ෂ 3 දක්වා වන්දි


දිවයිනේ දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කරගෙන ඊයේ සිදුවූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූවන් උදෙසා හෙට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ජාතික ආරක්ෂක මණ්ඩලයේදී එම තීරණයට එළඹුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

මේ අතර,මියගිය පුද්ගලයින්ට රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.සෑම මිය ගිය පුද්ගලයෙක් වෙනුවෙන් පළමුව රුපියල් ලක්ෂයක මුදලක් අවමංගල්‍යය වෙනුවෙන් ලබා දීමටත් පසුව රුපියල් මිලියනක මුදල් වන්දි වශයෙන් ලබා දීමටත් රජය තීරණය කර තිබේ.

එමෙන්ම තුවාල වු අයට තුවාලවල ප්‍රමාණය නිරීක්ෂණය කර, රුපියල් ලක්ෂයක අවම මුදලක සිට රුපියල් ලක්ෂ 3 දක්වා වන්දි ලබා දීමටත් රජය තීරණය කළ බව ද රාජිත සේනාරත්න මහතා පැවසීය.

එමෙන්ම විනාශ වු දේවස්ථාන අලුත්වැඩියා කිරීම සඳහා ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

No comments

Powered by Blogger.