ශ්‍රී ලාංකිකයින් 4ක් ලන්ඩන් ගුවන් තොටුපොළේ දී ත්‍රස්ත මර්දන පොලීසිය අත්අඩංගුවට ගනී



 ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු ලන්ඩනයේ ලූටන් ගුවන් තොටුපොළේදී  එරට ත්‍රස්ත මර්දන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බීබීසී ලෝක සේවය සඳහන් කළේ, තහනම් සංවිධානයක සාමාජිකයින්වීමේ සැකය මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. දැනට බෙඩ්ෆෝඩ්ෂෙයර් පොලීසිය විසින් ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යන අතර,  ඔවුන් සිව්දෙනා මේ වන විට බෙඩ්ෆෝඩ්ෂෙයර් පොලීසියේ රඳවා සිටි.

පසුගිය 10 වැනි දා ඔවුන් ලූටන් ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

2000 වසරේ ත්‍රස්ත පනතට අනුව අදාළ සංවිධානය තහනම් වන විට ඔවුන් අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය සඳහන් කරයි.

No comments

Powered by Blogger.