කිලෝ 769ක කුඩු අද විනාශ කරන්නේ මෙහෙමයි - video
පසුගිය වසර තුනේදී අත්අඩංගුවට ගත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 769 කට අධික ප්‍රමාණයක් සපුගස්කන්ද සුරවීර ගබඩා සංකීර්ණයේදී විනාශ කිරීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
මෙලෙස විනාශ කෙරෙන මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන දස දහස් තිස් පහකට අධිකයි.
ඒවා අද (01) පෙරවරුවේ විශේෂ ආරක්ෂාවක් යටතේ අදාළ ගබඩා සංකීර්ණය වෙත රැගෙන ආවා. එහිදී අදාළ මත්ද්‍රව්‍ය තොගය දියකර පුත්තලමේ සිමෙන්ති කම්හලක් වෙත රැගෙන ගොස් එම ද්‍රාවණය දහනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද මෙම කටයුතු නිරීක්ෂණය සඳහා පැමිණි අතර, අද දිනයේ මෙලෙස විනාශ කරන්නේ අධිකරණ කි‍්‍රයාවලිය අවසන් වූ කොකේන් තොගයක්. මීට පෙරද ඉකුත් වසරේ ජනවාරි මාසයේදී මෙලෙසම මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රසිද්ධියේ විනාශ කෙරුණා.
Leave a Comment