බළන්ගොඩම කම්පා කරවමින් තරුණ මවක් සිය සිඟිත්තාට වස පොවා ගෙළ සිරකර මරා දමා ඇයත් වහලයේ එල්ලී මිය යයි



බළන්ගොඩ මහවලතැන්න වලව්වට ඉතා නුදුරු ගම් පියසක නිවසක් තුළ අම්මාවරුන් හට නිගා වන මිනිස් කමට නොගැලපෙන අති බිහිසුණු කටයුත්තක් කළ තරුණ මවක් ගැන කියවෙන කථාවකි මේ.

මහවලතැන්න ප‍්‍රදේශයේ පදිංචි මනුජ මෙත්මල් ගමගේ දරුවාට යන්තම් වයස අවුරුදු හතරට ලංවූවා පමණි. මොහුගේ පියා වැඩකරන්නේ පස්සර ප‍්‍රදේශයේ රජයේ ආයතනයකය. මනුජ 27 දා උදෑසන මොන්ටිසෝරියාමට සූදානම් විය. අම්මා උදේට තැම්බූ කඩල ටික පිගානකට අරන් මනුජට කන්න කිව්වා. පුතා කඩල ඇට කිහිපයක් කෑවා. අනේ අම්මේ මොන්ටිසෝරියේ යාළුවෝ මම එනතුරු බලා ගෙන ඇති. මට ඉක්මනට යන්න ඕනි. මට ඊයේ අ`දින්න දීපු රූප ටිකත් ටීචර්ට පෙන්නන්න ඕනි. ඒ නිසා ඉක්මනට යමු කියා මහවලතැන්න ක‍්‍රීඩා පිටිය අසළ තිබෙන පෙරපාසලට මනුජ අම්මා සම`ග ගියා. පසුව එදින දහවල් වෙනදාටත් වඩා කලින් දරුවා එක්කගෙන එන්න අම්මා එහි ගියා. කෙසේ හෝ දහවල් 12 ට පමණ මනුජ අම්මා සම`ග පෙරපාසලේ සිට ආපසු ගෙදරට ආවා. අම්මා බත් කන්න කිව්වත් ගානක් නැතිව හිටියා. පෙර පාසලේ දී ටීචර් තමාගේ රූප වලට තරු ගොඩක් දුන්නා කියා මනුජ අම්මාට පෙන්නුවා. ඒත් අම්මා ගාණකට ගත්තේ නැහැ. මනුජගේ ආච්චි අම්මා ඒ චිත‍්‍ර ටික බලා ලස්සනයි පුතා කියා කිව්වා. ආච්චි අම්මා ඇවිටිලි කරන නිසා මනුජ බත් ටිකක් කෑවා. ආච්චි අම්මා මහවලතැන්න කපුවත්තේ ගෙදරට එන්න පිටත් වන ගමන් ලේලියට කිව්වා මම ටිකක් එන්න පරක්කු වෙයි. බෙහෙත් ටිකක් ගන්නත් තියෙනවා කියා. එසේ පිටත්ව යන ගමන් දුවේ අද හරියට අව්ව සැරයි පොඩි එකාට වත්ත පහළට යන්න දෙන්න එපා යැයි කියමින් ඇය පිටත් වුනා.

මනුජගේ මව බොහෝ නිවුනු ගති ඇති තරුණ කාන්තාවක්. නමුත් මේ දවසේ ඇය හරිම කලබලයෙන් හිටියේ. ගෙයි ඉදිරිපස දොර වැහුවා. ඇතුළෙන් ලොක් එකත් දැම්මා. කුස්සියේ දොරත් වහද්දී මනුජ ඇහුවා ඇයි අම්මේ දොරවල් වහන්නේ කියා. මුදිතා සමන්මලී නම් මෙම තරුණ මවගේ ඔළුවට යක්ෂයෙකු ආරූඪ වෙන්න ඇති. වස කුප්පියක් ගෙන එහි මූඩිය ඇර කෝප්පයට වක් කර මනුජ ළ`ගට ගිහින් පුතේ මේ බෙහෙත්ටික බොන්න කියා කිව්වා. ඇයි අම්මේ මට ලෙඩක් නැහැනේ කියා පුතා කෝප්පය අතට ගෙන ආපසු දුන්නා. ඊට පසු මනුජගේ කට මිරිකා බෙහෙත් ටික පොවන්න හැදුවා. වහාම දරුවා කුස්සිය පැත්තට දිව ගොස් මේවා බොන්න බැහැ කියා වමනේ දැම්මා. මේ දරුවා මේ මොහොතේ කෙතරම් අසරණ වෙන්න ඇත්ද? ගෙයි දොරවල් වහලා අම්මා වස පොවන්න හදනවා. බේරා ගන්න කිසිවෙක් නැහැ. දරුවා ඒ මේ අත දුවන්න පටන් ගන්න ඇති.

නමුත් දස මසක් කුස දරා මේ දරුවා ලොකු මහත් කරන්නට සුරංගනා කතා කියමින් බත් කටවල් කීයක් මේ අම්මා කවන්න ඇත්ද? එම අම්මා මේ තරමට කුරිරු වූයේ ඇයි? දරුවාට අම්මාගෙන් බේරිල්ලක් නැති වෙන්න ඇති. ඉන්පසු රෙදි පටියකින් දරුවාගේ ගෙල සිර කර කිසිදු වරදක් නොකළ මේ අහිංසක දරුවාගේ ජීවිතය තොර කර පසුව සිරුර ලණුවකින් ගැට ගසා වහලේ එල්ලා තබා තමාද එම වහලේම ලීයක ගෙල වැලලාගෙන ජීවිතයෙන් සමු ගත්තේ කෙතරමි ශෝචනීය අයුරින්ද?

මේ ශෝචනීය කතා පුවත ගැන ඉහතින් ලියූ වදන් අපට පැවසූ කිසිවෙක් නොමැත. පොලිස් පරීක්ෂණ, පශ්චාත් මරණ පරීක්ෂණ, වෙනත් සාක්ෂි පදනම් කරගෙන අධිකරණ වෛද්‍යවරයා විසින් නිකුත් කළ වෛද්‍ය වාර්තාවේ ස`දහන් වන්නේ දරුවාගේ මරණය ඝාතනයක් බවයි. මවගේ මරණය සිය දිවි නසා ගැනීමක් බවට තීරණය විය.

මේ පිළිබ`දව මේ දරුවාගේ ආච්චි අම්මා වූ ඒ.ඒ. ආරියවතී මහත්මිය කියා සිටියේ ‘‘මගේ මනුස්සයා හදිසියේ මීට මාස නවයකට පෙර මිය ගියා. මේ දරුවා සීයාටත්, මටත් හරිම ආදරෙයි. මගේ පුතාගේ බිරි`ද වූ මේ ලේලිය කරපු දේ ගැන හිතා ගන්නවත් බැහැ. පසුගිය 27 වනදා මහවලතැන්නේ ගිහින් ආපසු ගෙදරට එන විට හැන්දෑවේ හයට පමණ ඇති. දොර ජනෙල් වසා තිබුනා. මුණුබුරාට ‘‘පුතා පුතා’’ කියා මම කතා කළා. ශබ්දයක් නැති නිසා දොරට තට්ටු කළා. ගේ වටේම බැලූවා. පසුව අහල පහළ ගෙවල් වලින් ඇහුවා මේ දරුවයි අම්මයි කොහෙවත් ගියා දැක්කද කියලා. ඔවුන් දැක්කේ නැහැයි කියලා කිව්වා. ඉන්පසු මම පුතාට කෝල් එකක් දීලා මේ සිද්ධිය කිව්වා. පුතා මට කිව්වා ජනේලයේ වීදුරුවක් බිදලා හරි ඇතුළ බලන්න කියා. එසේ කලත් කිසිවෙක් පේන්න හිටියේ නැහැ. යළිත් මා පුතාට කතා කළා. ඒ වනවිටත් පුතා කෝල් එකක් දුන්නා කියා ඔහුගේ යහළුවෙකු පැමිණ කුස්සිය පැත්තේ දොර කඩා ඇතුළට ගියා. මගේ ඇස් අදහා ගන්න බැරි වුනා. මේ අම්මයි දරුවයි සාලයේ වහලේ ලීයක එල්ලෙමින් තිබුනා. මේ දුක අපි කොහොම වාවාගන්නද’’ ඇය තදින් හ`ඩන්නට වුනා.

ඉකුත් 29 වැනිදා මළ හිරු බැස යන හැන්දෑවේ බොහෝ පිරිසකගේ සෝ සුසුම් මැද මෙම දේහයන් දෙක මිහිදන් වෙද්දී තම පුතු ගැන ඔහුගේ පියා නැගූ විලාප හ`ඩ මුළු මහවලතැන්න සානුවම දෙදරුම් කා ගියේය.

No comments

Powered by Blogger.