පීස් ටී. වී. කේබල් රූපවාහිනී නාලිකාව ඩයලොග් හා ටෙලිකොම් වලින් ඉවත් කරයි

 පීස් ටී. වී. කේබල් රූපවාහිනී නාලිකාව මෙරට ප්‍රධාන කේබල් ටීවී සේවා සැපයීමේ ආයතන වන ඩයලොග් හා ටෙලිකොම් ආයතනයන් හී නාලිකා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා. මෙය හරහා අන්තවාදී ඉගැන්වීම් හා දේශන පැවැත්වීම සිදු වන බවටයි  අනාවරණය වී ඇත්තේ. මෙම රූපවාහිනී නාලිකාවේ හිමිකරු වන්නේ වෛද්‍ය සාකීර් අබ්දුල් කරීම් නයික් නමැත්තෙක්.

මෙම නාලිකාව 2012 වර්ෂයේදී ඉන්දිය රජයද තහනම් කරනු ලැබු අතර, බංග්ලාදේශය පීස් ටී. වී. කේබල් රූපවාහිනී නාලිකාව 2016 වසරේදී තහනම් කෙරුණා ඒ  ඩකා අගනුවරදී පුද්ගලයින් විසි දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගයි.

තවද, එම කේබල් රූපවාහිනි නාලිකාව පාකිස්තානයේද තහනම් කිරීමට එරට රජය පියවර ගත්තා.  කෙසේ වෙතත් යුරෝපය, ආසියාව, අපි‍්‍රකාව ඇතුළු රටවල් රැසක මේ වනවිටත් කි‍්‍රයාත්මකයි.

මෙම රූපවාහිනී නාලිකාවේ හිමිකරු ද මෙම නාලිකාවේ විවිධ දේශන පවත්න අතර,  ඔහුගේ ඉගැන්වීම්වලට අනුව සංගීතය සහ මධ්‍යසාරද තහනම් වනවා. යමෙකු සොරකමකට හසුවුවහොත් ඔවුන්ගේ අත් කපා දැමිය යුතු බවද ඔහු සිය දේශණ හරහා සඳහන් කර ඇති බවයි පැවසෙන්නේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු සිය දේශණ පිළිබදවද දැනුවත් කරමින් සිටිනවා. ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ පමණක් සිටින පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 16 ක්. පීස් ටී. වී. කේබල් රූපවාහිනි නාලිකාවේ හිමිකරු වන වෛද්‍ය සාකීර් අබ්දුල් කරීම් නයික්ගේ නිල ට්විටර් ගිණුමට එක්ව සිටින පරිශීලකයින් සංඛ්‍යාව ලක්‍ෂ එකහමාරකට අධිකයි.

මෙම නාලිකාව හරහා වහබ්වාදය ලොවපුරා ප‍්‍රචලිත කිරීම සිදුවන බව ආරක්‍ෂක අංශ තොරතුරු අනාවරණ කර ගෙන තිබෙනවා. ඒ අනුව වහබ්වාදී ඉගැන්වීම් සහ දේශණ සිදුකරන මෙම රූපවාහිනී නාලිකාව ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමටද මෙරට ආරක්‍ෂක අංශවල වැඩි අවධානයක් යොමුව ඇති බවයි පැවසෙන්නේ.

No comments

Powered by Blogger.