ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිදු කළ කාර්ය බාල්දු කළා



තම පුද්ගලික ඇමරිකානු සංචාරය නිමවමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන කටුනායක ගුවන්තොටුපලින් ශ්‍රී ලංකාවට ආපසු පැමිණි  අතර, ඔහු පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළේ පිටවීමේ පර්යන්තය අසල විශාල පිරිසක් රැස්ව සිටියා.

ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ සති 3කට ආසන්න කාලයක් රැඳි සිටියේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම පිළිබඳ පුද්ගලික කටයුතු කිහිපයක් සඳහායී.

ගුවන් තොටුපලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, අදාළ කටයුතු සාර්ථකව කර ගැනීමට එහිදී හැකි වු බවයි.

තමන් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටින කාලයේ දී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියෙක් හා තවත් පුද්ගලයෙකු විසින් තමා එයට වගකිව යුතු බවත් එයට යම් මුදලක් ලබා දිය යුතු බව සඳහන් කරමින් සිවිල් නඩුවක් දමා ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

අමෙරිකාවේ නීතිය අනුව පුද්ගලික ආයතනයක් මඟින් මේ සම්බන්ධයෙන් සිතාසි ලබා දිය යුතු වුවත් එවැනි ක්‍රියාවලියක් සිදු නොවු බව ද සඳහන් කළ ගෝඨාභය මහතා, මේ වන විට අමෙරිකාවේ සිටින සිය නීතිඥවරුන් මෙම නඩුව නිශ්ප්‍රභා කර ගැනීමට අදාළ කටයුතු කරමින් සිටින බව ද  මෙම තත්ත්වය තුළ ලාංකීය හා අමෙරිකානු ජනතාවගෙන් තමාට ඉතා විශාල සහයෝගයක් ලැබුණු බවත්, එය හුදෙක් නඩුවක් නොව දේශපාලනමය ක්‍රියාවලියක් බව ද ගෝඨාභය මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා සම්බන්ධ කර ගනිමින් මෙය සිදු කර ඇති බවත්, මෙයට ජාත්‍යන්තරයේ ඇති එල්.ටී.ටී.ඊ හිදවාදී ඩයස්පෝරා සහ ලංකාවේ ඇතැම් පිරිස් සහය දක්වා ඇති බවත්, කැලිෆෝනියාවේ කොන්සල් ජනරාල් කාර්යාලය දක්වා මෙය ගෙන ගොස් ඇති බව ද ඔහු සඳහන් කළා.

මෙවැනි චෝදනාවක් එල්ල කිරීම තමා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිදු කළ කාර්ය හා මුළු මහත් ලංකාවම බාල්දු කරන තත්ත්වයක් බව ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

No comments

Powered by Blogger.