විවාහ මංගල උත්සව ශාලාවේ සැක කටයුතු පාර්සලයක් නිසා නොසන්සුන්තාවක්


 දඹුල්ල නගරයේ හෝටලයක් තුළ  විවාහ මංගල උත්සව ශාලාවේ සැක කටයුතු පාර්සලයක් අද පෙරවරුවේ නොසන්සුන් තාවයක් හටගෙන තිබෙනවා.

අදාල ස්ථානයේ සැකකටයුතු පාර්සලයක් ඇති බවට ලද තොරතුරක් මත සීගිරිය ගුවන් හමුදා කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිළධාරීන් විසින් ආරක්ෂිතව පරීක්ෂා කිරීමේදී එම පාර්සලය මල් වෙඩිල්ලක් බවට අනාවරණය කරගෙන තිබෙයි.

එය මීට පෙර උත්සව අවස්ථාවක ගෙන ආ පාර්සලයක් වන අතර එම හෝටලයේ සේවයකයෙක් විසින් එය උත්සව ශාලාව තුළ සඟවා තබන්නට ඇති බවට පැවසෙයි.
කෙසේවෙතත් මෙලෙස ඇතිවූ තත්වයත් සමග මංගල උත්සවයේ කටයුතුවලට බාධා එල්ලවීම නිසා මනාල යුවළ සහ හෝටල් හිමිකරු අතර බහින්බස්වීමක්ද සිදුවී ඇත. එම නොසන්සුන්තාවය පොලිසිය මැදිහත් වී සමථයකට පත් කර ඇත.

No comments

Powered by Blogger.