වගකීම් භාරගැනීමට සූදානම් - කරූ කියයි.


ජනතා ඉල්ලීමට අනුව වගකීම් භාරගැනීමට තමා සූදානම් බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

මල්වතු මහා විහාරය වෙත පැමිණි කථානායකවරයා මල්වතු පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන් බැහැ දැක අශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක දිඹුල් කුඹුරේ ශ්‍රී විමලදම්ම නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

එහිදී අදහස් දක්වමින් කරූ ජයසූරිය මහතා කියා සිටියේ ලබන වසරමේ රටේ පුරවැසියන්ට ඉතාම අභියෝගාත්මක වසරක් බවත්, විශේෂයෙන් මැතිවරණ කීපයක් පැවැත්වීමට නියමිත බවයි.

ඉදිරියේ දි දෛවයෙන් තමාට ලබා දෙන අවස්ථාවක් වෙතොත් මේ රටට යුක්තිය හා සාධාරණත්වය ඉටු කරන්න තමා ඒ යුතුකම ඉටු කරන බව ද කථානායකවරයා මෙහිදී කියා සිටියා.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට මිසක් තමා කිසි විටෙකත් මැතිවරණයට ඉල්ලුම් කර නොමැති බව ද පැවසු කථානායකවරයා, ඉදිරියේ දී ඒ ගැන බලා සිටින බව ද පැවසීය.

තමාට පදවි ලබන්න පොරකන්න හැකියාවක් නොමැති බවත්, යම් මහජන මතයක් යෝජනාවක් පැමිණියොත් ඒ ගැන සිතා බැලීමට හැකියාවක් ඇති බව ද කරූ ජයසූරිය මහතා කියා සිටියා.

No comments

Powered by Blogger.