ලාංකිකයෙක් බ්‍රිතාන්‍යයට නඩු දමයි


 ලන්ඩන් කෞතුකාගාරයේ තැන්පත් කර ඇතැයි පැවසෙන බ්‍රිතාන්‍යයන් විසින් ශ‍්‍රී ලංකාවෙන් රැගෙන ගිය වටිනා පුස්කොළ පොත් සහ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ යුගයට අයත් පුරාවස්තු ආපසු දෙන ලෙස ඉල්ලමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා බ්‍රිතාන්‍යය රජයට එරෙහිව නඩුවක් ගොනු කර තිබෙනවා.

 මෙම නඩුව සඳහා බ්‍රිතාන්‍යයයේ ශ‍්‍රී ලාංකික නීතිවේදිනියක් හා රාජ නීතිඥවරු දෙදෙනෙක් පෙනී සිටිති. රියර් අද්මිරාල්වරයකු බ්‍රිතාන්‍යයට එරෙහිව නඩුවක් පැවරූ මුල්ම අවස්ථාව මෙය වන අතර, ශ‍්‍රී ලංකාවට අයත් පුරාවස්තු රැගෙන යෑම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය සමාව ගත යුතු යැයිද නඩුවේ සඳහන්ව ඇත.

No comments

Powered by Blogger.