දැඟලුවොත් සමෘද්ධි බැංකු සියල්ලම ලංකා බැංකුවට හෝ මහජන බැංකුවට ආදේශ කරනවා - ඇමති දයා ගමගේ



වැටුප් සහ තවත් ගැටලූ කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් ලබා දෙන්නැයි ආණ්ඩුවට බල කරමින් රටපුරා සමෘද්ධි බැංකුවල සේවකයින් අද (16) වැඩවර්ජනයක නිතර වනවා.  සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් ජගත් කුමාර කියා සිටියේ මෙම දිනක සංඛේත වැඩ වර්ජනයට ආණ්ඩුව ප්‍රතිචාර නොදක්වන්නේ නම් ලංකාව පුරාම වැඩ වර්ජනයක් සහ උද්ඝෝෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙන බවයි.

කෙසේ වෙතත් විෂය භාර අමාත්‍ය දයා ගමගේ ඊට ප‍්‍රතිචාර දැක්වමින් සඳහන් කළේ අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා නීති විරෝධී කටයුතුවල යෙදීම අනුමත නොකරන බවයි. සේවාවන් කඩාකප්පල් කරන්නේ නම් සමෘද්ධි බැංකු සියල්ලම ලංකා බැංකුවට හෝ මහජන බැංකුවට ආදේශ කිරීමට සිදුවන බවයි.

වැටුප් තල සකස් කෙරෙන්නේ සියලූ දෙනාට සාධාරණයක් වන පරිදි බවද මෙහිදී අවධාරණය කෙරුණා.

No comments

Powered by Blogger.