රතු මස්‌ වර්ග හා මත්පැන් සුළු ප්‍රමාණයෙන් පරිභෝජනය කළද එවෙලේම මරණීය අවදානමක්



 රතු පැහැති හා සකස්‌ කරන ලද මස්‌ වර්ග හා මත්පැන් සුළු ප්‍රමාණයෙන් පරිභෝජනය කළද මරණීය අවදානම වැඩිවන බව නවතම බටහිර අධ්‍යයනයන් දෙකකින් අනාවරණය වී තිබේ.

 මෙම අධ්‍යයනයන්ට අනුව රතු පැහැති සකස්‌ කරන ලද මස්‌ වර්ග හා මත්පැන් දිනකට සුළු ප්‍රමාණයන්ගෙන් පරිභෝජනය කළද හෘද රෝග, පිළිකා වැනි බෝ නොවන රෝගවලට ගොදුරු වී මිය යැමේ අවදානම ඉහළ මට්‌ටමක පවතී.

 මස්‌ පරිභෝජනය පිළිබඳ අධ්‍යයන වාර්තාව zනියුටි්‍රයන්ට්‌ස්‌Z ස`ගරාවෙහි පළ කර ඇති අතර ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කර ඇති පරිදි රතු පැහැ සකස්‌ කරන ලද මස්‌ පරිභෝජනය කිරීමෙන් වැළකී සිටීම බෝ නොවන රෝගවලට ගොදුරු නොවී සිටිය හැකි මාර්ගයකි.

 මෙහිදී අධ්‍යයනයට ලක්‌ කරන ලද ඇමරිකා එක්‌සත් ජනපදයේ හා කැනඩාවේ ප්‍රජාවන්ට අයත් 7900 කට අධික පිරිසකගේ වසර 11 ක කාලයක්‌ තුළ සෞඛ්‍ය දත්ත පරීක්‍ෂාවට ලක්‌ කර ඇති අතර ඔවුන්ගෙන් දිනකට රතු පැහැති මස්‌ අවුන්ස 2 ක්‌ හෝ එයට අඩුවෙන් පරිභෝජනය කරන ලද පුද්ගලයින්ගෙන් 2500 ක්‌ පමණ හෘද රෝගවලින් හා 1800 ක්‌ පිළිකාවෙන් මියගොස්‌ ඇතැයි හෙළිවී තිබේ.

 මත්පැන් පරිභෝජනය පිළිබඳව ලොව පුරා සිදුකරන ලද අධ්‍යයනයක වාර්තාව zලැන්සෙට්‌Z වෛද්‍ය ස`ගරාවෙහි පළකර ඇති අතර එම වාර්තාවට අනුව සැර මත්පැන් මෙන්ම එතරම් අහිතකර යෑයි නොතැකූ බියර් හා වයින් සුළු වශයෙන් පරිභෝජනය කිරීමද හෘද රෝග ඇතුළු බෝ නොවන රෝග මරණවලට අතවැනීමක්‌ බවද පර්යේෂකයෝ සඳහන් කර ඇත.

No comments

Powered by Blogger.