සී.වී වික්‍රමරත්න වැඩබලන පොලිස්පති - තවත් ඉහළ පුටු රැසක් වෙනස් වෙයි



වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්න ද, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් ද පත් කර තිබෙනවා. මීට අමතරව නව අගවිනිසුරුවරයා ලෙස ජයන්ත ජයසූරිය අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

එමෙන්ම සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා වැඩබලන නිතිපතිවරයා ලෙස පත් කර ඇති අතර, අතිරේක විගණකාධිපති චූලන්ත වික‍්‍රමරත්න නව විගණකාධිපතිවරයා ලෙස පත්කරනු ලැබුවා.







No comments

Powered by Blogger.