ඔරුවල වානේ සංස්ථාවේ දැවි තෙල් ගබඩාවේ ටැංකියක් පිපිරෙයි


අතුරුගිරිය - ඔරුවල පිහිටි වානේ සංස්ථාවේ දැවි තෙල් ගබඩාවේ ටැංකියක්  ඊයේ පස්වරු 6 ට පමණ  පිපිරීමක් සිදුව තිබෙනවා.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ  පිපිරීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

පිපිරීමෙන් එහි සේවකයෙකුද තුවාල ලැබූ අතර, ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පිපිරීමත් සමඟ ඇතිවූ ගින්න කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ පාලනය කර තිබෙනවා.

No comments

Powered by Blogger.