ශ්‍රී ලංකාවට එල්ල කල ත්‍රස්ත ප්‍රහාරය පැලිගැනීමක් බව ISIS නායක වීඩියෝවක් නිකුත් කරයි

වසර 05 කට පසු ISIS ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි  වීඩියෝ පටයක් නිකුත්කරය තිබෙනවා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය සිරියාවේ Baghouz ප්‍රාන්තයේදී තම කණ්ඩායම ලද පරාජයට පළිගැනීමක්බවයි.

ශ්‍රී ලංකාවේ පසුගිය 21වනදා කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්‍රහාරය

ඔහු මෙම වීඩියෝව පසුගිය 18වනදා රූගත කර ඇති බව වාර්තා වන අතර, ජාත්‍යන්තර නිරීක්ෂකයින් සඳහන් කරන්නේ ISIS ත්‍රස්ත නායකයා ශ්‍රී ලංකාව තුල සිදුවූ බෝම්බ ප්‍රහාරයන් හරහා සිය සංවිධානයට මේ වන විට උදාවී ඇති පසුගාමීත්වය නැති කර ගැනීමේ උත්සහයක යෙදෙන බවයි.

ඔහු විසින් ශ්‍රී ලංකවට අමතරව මාලි හිදී ප්‍රංශ සාම සාධක හමුදාවන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන්ද සිය සතුට පළකර ඇත.

ඉදිරියේදී තම ත්‍රස්ත සංවිධානය අතින් ගිලිහුණු ඉරාකය සහ සිරියාවේ භුමි ප්‍රදේශ තමන් සතුකර ගන්නා බවටද එම වීඩියෝව හරහා ප්‍රකාශ කර ඇති අතර තම සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශවිය රටවලට එරෙහිව අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.

සිරියාවේ මොසුල් හිදී අවසන් වරට ISIS ත්‍රස්ත නායකයා  සිදුකරන ලද වීඩියෝවෙන් අණතුරුව ඔහු පිළිබඳව කිසිඳු තොරතුරක වාර්තා නොවීය.

මීට පෙර ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර සිටියේ අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මෙම ත්‍රස්ත නායකයා මිය යන්නට ඇති බවයි.

No comments

Powered by Blogger.