මධුෂ් අමල් රැගෙන එන ගුවන් යානයෙන් ඩුබායි පොලිස්‌ නිලධාරීන් සිව්දෙනකු - කටුනායකට STF ඇතුළු විශේෂ පොලිස්‌ ආරක්‍ෂාවක්‌



මාකඳුරේ මධුෂ් සහ ගායක අමල් පෙරේරා ශ්‍රී ලංකාවට රැගෙන එන ගුවන් යානයෙන් ඩුබායි පොලිස්‌ නිලධාරීන් සිව්දෙනකු ද පැමිණීමට නියමිතව ඇතැයි ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළා.

 එහිදී ඔවුන්ගෙන් ලබාගත් කටඋත්තර සියල්ලම ඩුබායි පොලිසිය මගින් ආරක්‍ෂක අමාත්‍යාංශයට සෘජුවම භාරදීමට නියමිතයි.

ශ්‍රී ලංකා රජයේ ආරක්‍ෂක අමාත්‍යාංශය ඩුබායි රජයෙන් කරන ලද ඉල්ලීමක්‌ අනුව මාකඳුරේ මධුෂ් සහ අමල් පෙරේරා මෙසේ කටුනායකට රැගෙන එනු ලැබේ.

මොවුන් කටුනායකට රැගෙන එන අවස්‌ථාවේ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ඇතුළු විශේෂ පොලිස්‌ ආරක්‍ෂාවක්‌ යෙදවීමටද පියවර ගෙන ඇත.

No comments

Powered by Blogger.