දෙමටගොඩ සෝදිසි මෙහෙයුම අතර තුර සිදු වූ බෝම්බ පිපිරීමෙන් STF තිදෙනෙක් මිය යයි


දෙමටගොඩ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතරවාරයේදී සිදුවූ පිපිරීමක් හේතුවෙන් පොලිස් නිලධාරින් තිදෙනෙක් මියගොස් තිබෙනවා. එම ප්‍රදේශයේ මහවිල උද්‍යාන මාවතේ නිවසක සිදුවූ පිපිරීමකින් පසුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබුවා.

එම සෝදිසි මෙහෙයුම අතර වාරයේදී පොලිස් නිලධාරීන් පිරිසක් නිවසක් සෝදිසි කිරීමට යාමේදී එම නිවස තුල සිදුවූ පිපිරීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක් සදහන් කර සිටියේ මේ වන විට පොලිස් නිලධාරීන් සිවුදෙනෙකුගේ සිරුරු රෝහලේ තැන්පත් කර ඇති බවයි.

No comments

Powered by Blogger.