අන්ධයා, අබ්බගාතයා, අංගවිකලයා... ආදී වචන පාර්ලිමේන්තුවේ භාවිතා කිරීම තහනම් කරයි - Video
ආබාධිත පුද්ගලයන්ට අපහස වනවචන භාවිතා කරමින් පාර්ලිමේන්තුවේ වාද විවාධ කිරීම මින් ඉදිරියට සිදු නොකිරීමට කටයුතු කරන ලෙස කථානායක කරු ජයසූරිය අද පාර්ලිමේන්තුවේ සියළු මන්ත්‍රීවරුන්ට අවවාදයක් සිදු කළා.
එමෙන්ම පාර්ලිමේන්තුවේ අභිමානය සහ ගෞරවයට හානි වන ආකාරයේ වචන සභා ගර්භය තුළ භාවිතා නොකරන ලෙස ද එහිදී කථානායක කරු ජයසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා.
කථානායකවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොන් සිල්වා අතර ඊයේ ඇති වූ උණුසුම් කතාබහ පිළිබදව අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
පහතින් එම වීඩියෝව
Leave a Comment