ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂ 10 ක් ශ්රීපාදස්ථානයේ ගොඩගැසෙයි
නල්ලතන්නියේ සිට ශ්රී පාද උඩමළුව දක්වා කොටසේ ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂ 10 කට අධික ප්රමාණයක් ගොඩගැසී ඇති බව මස්කෙළිය ප්රාදේශිය සභාවේ කර්මාන්ත ක්ෂේත්ර නිලධාරී ඒ.ඩබ්ලිව්.හේමන්ත මහතා සඳහන් කළා.
එම ප්රදේශයට පානීය ජලය ලබා ගැනීමට නිසි වැඩපිළිවෙලක් නොමැතිවීම ඊට හේතුව බවයි ඔහු කියා සිටියේ. මෙවර වන්දනාකරුවන් කැලි කසළ නිසි අයුරින් බඳුන්වලට බැහැර තිබෙන බවද ඔහු වැඩි දුරටත් ප්රකාශ කළා.
එමෙන්ම ගොඩගැසී ඇති ප්ලාස්ටික් බෝතල් ප්රතිචක්රියකරණයට යොමු කරන බව ද හේමන්ත මහතා සඳහන් කර සිටියා.
Leave a Comment