රංගන ශිල්පී රයන් වැන්රූයන් රුපියල් 4000ක දඩයක් මත අද මුදාහරී

අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වැන්රූයන් රුපියල් හාරදහසක දඩයක් මත අද මුදාහැරීමට මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද තීරණය කලා.  ඒ ගංජා ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැලිගම පොලිසිය ගොනු කර තිබූ නඩුව මාතර මහේස්ත්‍රාත් හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.

පාතාල නායක මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිටි මොහු පිටුවහල් කිරීමෙන් පසු පසුගිය මස 04 වනදා දිවයිනට පැමිණියා.

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් රංගන ශිල්පි රයන් වැන්රූයන් අත්අඩංගුවට ගනු ලැබුවා.

No comments

Powered by Blogger.