පොලිස් භාරයට ගැනුණු සැකසහිත ලිපි 600ය තමාගේ අමාත්‍යශයේ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පිළිගනී


කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී පොලිස් භාරයට ගැනුණු සැකසහිත ලිපි 600 තම අමාත්‍යාංශය යටතේ සකස් කළ ඒවා බව රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ අදාළ ලිපිය වෙබ් අඩවියකින් උපුටා ගත් එක්ක බවත්, එහි කිසිඳු රාජ්‍ය විරෝධී තොරතුරු ඇතුළත් නොමැති බවත්ය. හැකිනම් එම ලිපිය මාධ්‍යයට මුදා හරින ලෙස ද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙහිදි පොලීසියෙන් ඉල්ලීමක් ද කළා.

දැනට වාර්තා වු කරුණු අනුව, පසුගිය පාස්කු ඉරිදා දිනයේ රට පුරා ස්ථාන කිහිපයකට බෝම්බ ප‍්‍රහාර එල්ල කරන ලද ජාතික දවුහිද් ජම්මාද් සංවිධානයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමීප ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු සම්බන්ධ යැයි එම ලිපි වල සදහන් වී ඇති බවටයි වාර්නා වෙන්නේ.

පසුගිය දින ලිපි දහසක පමණ ප‍්‍රමාණයක් රට පුරා ප‍්‍රධාන විහාරස්ථාන වෙත තැපැල් කිරීමට පැමිණි පුද්ගලයන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
 අත්අඩංගුවට ඇති පුද්ගලයන් දෙදෙනෙකු ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ මාධ්‍ය අංශයේ කටයුතු කරන්නන් බවටයි එහිදී හෙළි වුණේ.

ඉන් දෙදෙනෙක් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය අංශයේ සහ අනෙක් සැකකරු මාර්ග සංවර්ධන අධිකාරියේ මාධ්‍ය ඒකකයේ වනවා.

කෙසේවෙතත් මතභේදාත්මක මෙම ලිපියේ ඇතුළත් කරුණු හෝ ලිපිය බෙදා හැරීම පිළිබඳ තමන් දැනුවත් නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

No comments

Powered by Blogger.