රට තුල අලෙවි කිරිම තහනම් මත් ද්‍රව්‍යය ටින් 80 ක් බගවන්තලාව පොලවකින් මතුවෙයි


 මෙරට තුල අලෙවි කිරිම තහනම් කර ඇති එන්.සි නැමති මත් ද්‍රව්‍යය ටින් 80 ක් සමග සැකකරුවෙකු බගවන්තලාව බ්‍රෙඩ්වෙල්  වතුයායේ නිවසකින් සොයාගෙන තිබෙනවා.


බගවන්තලාව පොලිසිය සඳහන් කළේ ඉන්දියාවෙන් මේ රටට නිතිවිරෝධි ලෙස ආනයනය කර ඇති මෙම එන්.සි නැමති මත්ද්‍රව්‍යය පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරිම සදහා සැකකරු කොළඹ ප්‍රදෙශයෙන් රැගෙන විත් සැකකරු  පදිංචි නිවසේ ගෙවත්තක වලදමා තිබෙන බවට ලද තොරතුරක් මත පොලිසිය මගින් මෙම වැටලිම සිදු කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍යය ග්රුම් 10 බැගින් කුඩා ටින් 80 ක අසුරා තිබු අතර, ග්රුම් 10 බැගින් වු එක් මත්ද්‍රව්‍යය ටින් එකක් පාසල් ළමුන්ට සහ වතු කම්කරුවන්ට ඉතා අධික මිලකට සැකකරු විසින් කාලයක් තිස්සේ අලෙවි කරමින් සිට ඇති බව මෙම වැටලිම සිදු කල බගවන්තලාව පොලිසියේ  නිලධාරින් කියා සිටියා.

No comments

Powered by Blogger.