වයඹ පළාතට පැනවූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි

වයඹ පළාතට පැනවූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ගම්පහ පොලිස් කොට්ඨාසයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6 න් අවසන්වූ  අතර, දිවයිනේ සෙසු ප්‍රදේශ වෙත ඊයේ රාත්‍රී 9.00 සිට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ද අද අලුයම 4 ට ඉවත් කෙරිණු බවයි.

එමෙන්ම වයඹ පළාතේ සියලු පාසල් අද වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ, සෙසු පළාත්වල සමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බවයි.

No comments

Powered by Blogger.