තවුහිද් ජමාද් සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු ලෙස පුහුණුව ලැබූ අයෙක් අල්ලයි

 තවුහිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරා සමග ඉතා සමීපව කටයුතු කල තවත් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කාත්තන්කුඩි පොලිසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

සහරාන් සමගින් දමූහ ඡුයාරූපයකට පෙනී සිටි 20 දෙනාගෙන් තිදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉතිරි 17 දෙනාත් සොයාගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි  පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගන්නා ලද තිදෙනා මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ලෙස පුහුණුව ලැබූවන් බවට තොරතුරු හෙළි වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවද පොලිසිය කියා සිටියා.

No comments

Powered by Blogger.