කොන්දේසියක් මත සියලු කරුණු හෙළි කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මදූෂ් ප්‍රකාශ කරයි

‍ෙ
 තමන්ට ජීවිත දානය ලබා දෙන්නේ නම් සිය සම්බන්ධතා අපරාධ කි‍්‍රයාකාරකම් සහ අවි ආයුධ සඟවා ඇති ස්ථාන ඇතුළු ඉල්ලා සිටින සියලු කරුණු හෙළි කරන බවට මාකඳුරේ මදූෂ්,  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප‍්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම මාකඳුරේ මදූෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිටම හැඬුම්බරව සිටින බවටයි වාර්තා වෙන්නේ. යම් බියපත් ස්වරූපයක්ද ඔහු කෙරෙන් නිරීක්ෂණය වන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

ඩුබායිහිදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු මාකඳුරේ මදූෂ් එරටින් පිටුවහල් කිරීමෙන් පසු පෙරේදා (05) ශී‍්‍ර ලංකාවට පැමිණියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගත්තේ කටුනායක ගුවන්තොටුපලේදීයි. ඔහුගෙන් මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව රඳවාගෙන ප‍්‍රශ්න කරනවා.

No comments

Powered by Blogger.