වෙනසක් නෑ අපි දෙන්නා බොහෝ දුරට එක මතයක ඉන්නේ

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ගේ සහ අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ස්ථාවරය එක මතයක සිටින බව නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදස් පලකළේ සුරියවැව සතිපොළ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.


“බොහෝ දුරට අපේ චම්පික රණවක ඇමතිතුමා සහ මම දරණ ස්ථාවරය අතර මහලොකු වෙනසක් නෑ. අපි බොහෝ දුරට මේ ජාතික ආරක්ෂාව පිළිබඳව කතා කරනකොට අපි දෙන්නම ඉන්නේ ඉතාම හොඳ තැනක. ඉතාම ශක්තිමත් තැනක. “ යනුවෙන් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලා.

No comments

Powered by Blogger.