IS සංවිධානය විසින් සාතන්ගේ මව ලෙස හැඳින් වෙන අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් ශීතකරණයකින් මතුවෙයි

‍ෙ
ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට යොදාගත් බව කියන TATP නොහොත්  සාතන්ගේ මව ලෙස සැලකෙන ප‍්‍රබල පුපුරණ ද්‍රව්‍යට සමාන පුපුරණ ද්‍රව්‍ය තොගයක්  ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඞ්හි පිහිටි නිවසකින් සොයාගෙන තිබෙනවා.

අධි ශීතකරණයක් තුළ ඒවා සඟවා තිබුණු බවයි විදෙස් වාර්තා පැවසුවේ. සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පුපුරණ ද්‍රව්‍ය නිපදවීම සහ සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ ඕස්ට්‍රේලියානු මහේස්ත‍්‍රාත් අධිකරණයක ඔහුට නඩු පවරා තිබෙනවා. සොයාගත් පුපුරණ ද්‍රව්‍ය තොගය ආරක්‍ෂිතව පුපුරුවා හැරුණු බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

TATP (ටී ඒ ටී පී)  යනු අයි. එස්. සංවිධානයේ ප‍්‍රහාර බොහොමයක් සඳහා යොදා ගැණුනු පුපුරණ ද්‍රව්‍යක් බව යුද විශ්ලේෂකයන් පවසනවා. අයි. එස්. සංවිධානය මෙම පුපුරණ ද්‍රව්‍ය හදුන්වනු ලබන්නේ සාතන්ගේ මව ලෙසයි.






No comments

Powered by Blogger.