VIP වාහන ගමන් කිරීමේදී මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා දැමීමට මින්පසු අවසර නෑ


ප්‍රභූ ආරක්ෂක රථ ගමන් කිරීමේදී කිසිදු අයුරකින් මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා දැමීම හෝ මාර්ග අවහිර කිරීම මින් පසු සිදු නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඊයේ (21)  පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද ජනාධිපතිවරයා මේ පිළිබඳ අවධානය යොමු කළ බවයි.

ඒ අනුව අදාළ ප්‍රභූවරුන්ගේ ආරක්ෂක අංශ නිලධාරින් මේ පිළිබඳ  දැනුවත් කරන ලෙසට සහ සාමාන්‍ය ජනතාවට කිසිදු අයුරකින් අවහිරයක් ඇති නොවන අයුරින් ප්‍රභූ රථ ධාවනය කිරීමට ඔවුන්ට උපදෙස් නිකුත් කරන ලෙසටයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ.

No comments

Powered by Blogger.