ඔක්තෝම්බර් 08 වෙනිදායින් පසුව ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවිය යුතුයි - අමාත්‍ය පාඨලී චම්පික - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ඔක්තෝම්බර් 08 වෙනිදායින් පසුව ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවිය යුතුයි - අමාත්‍ය පාඨලී චම්පික


අනිවාර්යයෙන්ම ඔක්තෝම්බර් 08 වෙනිදායින් පසුව ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවිය යුතු බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ මහා සංඝරත්නය 600 නමක් විෂයෙහි අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් අභියස පැවති සංඝත දක්ෂිණාවකට හා පිංකම් මාලාවකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව පැවසීය.

‘මහ මැතිවරණ පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වීම අවශ්‍ය වෙනවා. අද අනිවාර්යයෙන්ම තිබිය යුතු මැතිවරණය වන්නේ පළාත් සභා සහ පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණයයි. ව්‍යවස්ථාව උල්ලංඝනය කර කර මේ රටේ ජනතාවගේ ධනය නාස්ති කිරීම රටට උචිත දෙයක් නෙවෙයි.

ඔක්තෝම්බර් 08 වෙනිදායින් පසුව ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවිය යුතුයි.  නියම වශයෙන් තියන්න තිබුණේ පළාත් සභා මැතිවරණය නොයෙක් හේතු නිසා පවත්වන්න නොහැකි වුණා. ජනාධිපතිවරණයට රට සූදානම් කරගන්න  ඕනේ.

ජනාධිපතිවරණය කිසිඳු ආකාරයකින් කල් දමන්න අපි ඉඩ තියන්නේ නැහැ. ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතුයි. මහ මැතිවරණයත් ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතුයි. ඊට පිටතින් කටයුතු කරන්න පාර්ලිමේන්තුවටවත්, අධිකරණයටවත් ඉඩ තියන්නේ නැහැ යැයි පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් තේරීම් කාරක සභාව පිළිබඳව ද අමාත්‍යවරයා අදහස් පළකරමින් කියා සිටියේ, විපක්ෂයේ, ආණ්ඩුවේ සියළු දෙනාගේ කැමැත්තෙන් තමයි ඔය කාරක සභා කමිටුව පත් කළේ.

එහි අරමුණ වූයේ ජනතාවට තිබූ ප‍්‍රශ්නයක් නිරාකරණය කිරීමට අනතුරු ඇඟවීම් කර තිබියදී, පූර්ව සිදුවීම් ගණනාවක් ඇතිවී තිබියදී කොහොමද අපරාධය සිදු වුනේ, කවුද වග උත්තර කරුවන් කියා සොයා ගැනීමයි.

තේරීම් කාරක සභාව කළ යුත්තේ කවුද වැරදි කියා හොයන එක නොවෙයි. කොහොමද වැරදුනේ කියා හොයන එක. මෙම ත‍්‍රස්තවාදය මර්ධනය කිරීම හා ඉදිරියේදී මෙවැනි ප‍්‍රහාර වලක්වා ගැනීමයි වගකීම. පුද්ගලයන් පසුපස හඹා නොයා යුතු බවය.

තවද, මේ රටේ වරිග සභාවලින්, ගජමිතුරන්ගෙන් ජනාධිපති තෝරණ යුගය මේ ජනාධිපතිවරණයෙන් නවත්වනවා. කුසලතා පූර්ණ 5 ශිෂ්‍යත්වය පාස් වෙච්ච, උසස් පෙළ පාස් වෙච්ච, වෘත්තීය අධ්‍යාපනය ඇති පිරිසක් අතට දේශපාලනය භාර කළ යුතුයි. එයට අවශ්‍ය මුල් පියවර අප තබනවා යැයි ද වැඩිදුරටත් පැවසීය.

No comments

Powered by Blogger.