ලක්ෂ තිහක රත්තරන් ගුද මාර්ගයේ සගවා ගෙන ආ ඉන්දීය ජාතිකයන් 6දෙනෙකු අත්අඩංගුවට - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ලක්ෂ තිහක රත්තරන් ගුද මාර්ගයේ සගවා ගෙන ආ ඉන්දීය ජාතිකයන් 6දෙනෙකු අත්අඩංගුවට



රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගීන් 6දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මොවුන් අවුරුදු 42 , 36 , 47 , 45 , 53 සහ 36 යන වයස් වල පසුවන ඉන්දීය ජාතිකයන් පිරිසක් බව සඳහන්වේ.

මෙම පිරිස ඔවුන්ගේ ගමන් මලු වල  , ඇද සිටි කළිසම් සාක්කු තුල සහ ඔවුන්ගේ ගුද මාර්ග වල ද මෙම රත්තරන් සගවා ගෙන තිබී බව රේගු නිලධාරීන් පවයි.

එහි කහ රත්තරන් කුට්ටි 13 ක් මෙන්ම රත්තරන් වෙනත් ලෝහ සමඟ මිශ්‍ර කර , සකස් කර , ඒවා පැකැට් 06 කට අසුරා ගෙන සිටි අතර , ඒවායේ මුළු බර ග්‍රෑම් 557 ක් බව වාර්තා විය.

මොවුන් ඊයේ (21)  රාත්‍රී 9.00 ට ඉන්දියාවේ චෙන්නායි වෙත පිටත්ව යන ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6E- 1204 දරන ගුවන් යානයට නැගීම සඳහා කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත පැමිණ සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

No comments

Powered by Blogger.