ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක්


පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් හෙළිවන තොරතුරු අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් මුල් පියවර තබා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ මෙම තේරීම් කාරක සභාවේ කටයුතු නතර නොකරන්නේ නම් ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ට නැවතත් එම ධුරවල දිවුරුම් දීමේ අවස්ථාවක් නොලැබෙනු ඇති බවයි.

සිකුරාදා දින පැවති හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා මේ බව දන්වා ඇති අතර මෙම කාරක සභාව මගින් විමර්ශන කටයුතුවලට බාධා සිදු වන බවත් ජාතික ආරක්ෂාව ගැන සංවේදී තොරතුරු හෙළිදරව් වන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

මෙම තත්ත්වය මත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් හටගෙන තිබෙන අතර එමගින් නැවත තවත් දේශපාලන අර්බුදයක් අනිවාර්යෙන් හට ගනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

No comments

Powered by Blogger.