හිස්බුල්ලා, ඉලංගකෝන් , පද්මසිරි හා රත්නසිරි අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

හිස්බුල්ලා, ඉලංගකෝන් , පද්මසිරි හා රත්නසිරි අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට


නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, හිටපු පොලිස්පති එන්. කේ ඉලංගකෝන්, අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන ජේ. ජේ. රත්නසිරි, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න අද (13) පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ  කැඳවීමට නියමිතව තිබෙනවා.

මෙම කාරක සභාව හමුවේ ඉකුත් දා සාක්ෂි ලබාදුන් කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි සහ ඉස්ලාම් සම්මේලනයේ සභාපති නීතිඥ අබ්දුල් යුවයිස් ප‍්‍රකාශ කර තිබුණේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලාගේ කාලය තුලදී කාත්තන්කුඩි ප‍්‍රදේශය අරාබියේ ස්වරූපයක් ගනිමින් තිබූ බවයි.

මේ අතර, හිටපු පොලිස්පති එන්. කේ ඉලංගකෝන් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න යන දෙදෙනා, ජනාධිපතිවරයා විසින් පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ සාමාජිකයන් වීමද විශේෂත්වයක්.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්ෂි විමසීම අද පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.

No comments

Powered by Blogger.