අගමැතිවරයාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කරයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

අගමැතිවරයාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කරයි



පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ඉදිරියේදී කැඳවීමට අපේක්ෂිත පුද්ගලයින්ගේ ලැයිස්තුවේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු තව ත් අමාත්‍යවරුන් කිහිපදෙනකුගේ නම් ඇතුලත්ව තිබෙන බවට වාර්ථා වෙනවා.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවන දිනය මෙතෙක් නිශ්චිතව ප්‍රකාශයට පත් කර නැත.

මේ අතර වත්මන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ද ඉදිරියේදී මෙම කාරක සභාව හමුවට කැඳවීමට නියමිතව ඇති බව පාර්ලිමෙන්තු විශේෂ කාරක සභාව සඳහන් කළේ ය.

එමෙන්ම හිටපු නීතිය හා සාමය අමාත්‍යවරුන් වන සාගල රත්නයක සහ රංජිත් මද්දුමබණ්ඩාර යන අමාත්‍යවරුන් ද අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර ඇත.

No comments

Powered by Blogger.