අසාද් සාලි, රිෂාඩ් බදියුදීන්, හිස්බුල්ලා පිළිබඳව ජනාධිපති තීරණයක් ගනී - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

අසාද් සාලි, රිෂාඩ් බදියුදීන්, හිස්බුල්ලා පිළිබඳව ජනාධිපති තීරණයක් ගනී


අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.

අද (03) දහවල් 12.00ට පෙර ආණ්ඩුකාර අසාද් සාලි වහාම ඉවත් වීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සිය අමාත්‍ය ධූරය පිළිබඳ තීරණයක් ගතයුතු බවත් ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු මාර්ගයෙන් දැනුම් දී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

එමෙන්ම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සිය ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඊයේ (02) සවස භාර දී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියා.


No comments

Powered by Blogger.