කැබිනට් රැස්වීම යළි නොපැවැත්වීමට ජනපති ඒකමතිකව තීරණය කරයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

කැබිනට් රැස්වීම යළි නොපැවැත්වීමට ජනපති ඒකමතිකව තීරණය කරයි



 පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අත්හිටුවන තුරු කැබිනට් රැස්වීම නොපැවතීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද අඟහරුවාදා දිනයේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩලය නොපැවැත්වෙන බවයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියේ.

අද කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ නැති බව පසුගිය සිකුරාදා කැබිනට් ඇමතිවරුන්ටද දන්වා ඇති අතර ඒ බව ගිය සිකුරාදා පැවති කැබිනට් රැස්වීම් වාර්තාවේද සඳහන් කර තිබෙනවා.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා පැවැති කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා දැඩි විරෝධය පළ කර ඇති අතර තේරීම් කාරක සභාවේ කටයුතු කරන්නෙ මේ ආකාරයට නම් තමන් කැබිනට් රැස්වීම් නතර කරන බවද දන්වා ඇත.

No comments

Powered by Blogger.