මුස්ලිම් ජනතාව බියෙන් සහ කම්පාවෙන් කිසිවක් කර කියාගැනීමට නොහැකිව වේදනාකාරී තත්ත්වයක සිටි - අමාත්‍ය රවුෆ් හකීම් නිවේදනයක් නිකුත් කරයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

මුස්ලිම් ජනතාව බියෙන් සහ කම්පාවෙන් කිසිවක් කර කියාගැනීමට නොහැකිව වේදනාකාරී තත්ත්වයක සිටි - අමාත්‍ය රවුෆ් හකීම් නිවේදනයක් නිකුත් කරයි

මෙරට මුස්ලිම් ජනතාව මෙවැනි අනතුරකට මගපෑදූ හේතු පිළිබඳව ස්වයං විමර්ශනයක් සිදුකිරීමට සුදුසු කාලය එළඹ ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ මුස්ලිම් ජනතාව කිසිවක් කර කියාගැනීමට නොහැකිව වේදනාකාරී තත්ත්වයක සිටින බවයි. එමෙන්ම ත්‍රස්තවාදීන් කිහිපදෙනෙකු පාස්කු ඉරිදා සිදුකරන ලද ම්ලේච්ඡ ඝාතන සිද්ධිය නිසා මුස්ලිම් ජනතාව බියෙන් සහ කම්පාවෙන් පසුවන බවද ඔහු සඳහන් කළා.

මෙම නොසන්සුන් තත්ත්වය හමුවේ සිත් තුළ සැකය සහ අවිශ්වාසය ඇතිවී තිබෙන සමාජයන් අතර සාමය සහ එකමුතුභාවය ඇති කිරීමට අවශ්‍ය දායකත්වය ලබාදීම මාධ්‍යවල වගකීම සහ යුතුකම බවද අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන්.

No comments

Powered by Blogger.