අගමැති රනිල් වික‍්‍රමසිංහ සිංගප්පූරු රොහලකට - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

අගමැති රනිල් වික‍්‍රමසිංහ සිංගප්පූරු රොහලකට



අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඔහුගේ බිරිද මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මිය සමග මේ වන විට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව ආරංචිමාර්ග සඳහන් කරනවා. ඒ අග්‍රාමාත්‍ය වරයාට අවශ්‍ය අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්‍ෂණ කිහිපයක් සිදු කිරීම සඳහායී.

ඒ අතර තුර හෘද සැත්කමක් සිදු කිරීමෙන් පසු සිංගප්පූරු රෝහලක වෛද්‍ය නිරීක්‍ෂණ යටතේ සිටින හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සුවදුක් බැලීමටද අගමැතිවරයා එහිදී කටයුතු කරනු ඇතැයි වැඩිදුරටත් ආරංචිමාර්ග සඳහන් කළා.

එමෙන්ම එළැඹෙන 15 වැනිදා වික‍්‍රමසිංහ මහතා නැවතත් මෙරටට පැමිණීමට නියමිතයි.

No comments

Powered by Blogger.