භූමිතෙල් දමා සිය සිරුරට ගිනි තබා ගත් තරුණියක් මිය යයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

භූමිතෙල් දමා සිය සිරුරට ගිනි තබා ගත් තරුණියක් මිය යයි



සිරුරට භූමිතෙල් වත්කර ගිනි තබාගැනීම හේතුවෙන් බරපතළ පිළිස්සුම් තුවාල සහිතව වවුනියාව මහ රෝහලට ඇතුලත් කර සිටි තරුණියක් ඊයේ (11)මියගොස් තිබෙනවා.

 මෙලෙස මියගොස් ඇත්තේ මුලතිව් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක්.ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවිකාවක් වන ඇය පවුල් ආරවුලක් මත මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති බවටයි මූලික පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.  ඔඩ්ඩුසුඩාන් පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

No comments

Powered by Blogger.