අද රාත්‍රියේ ඉන්ධන මිල අඩුවීමක් - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

අද රාත්‍රියේ ඉන්ධන මිල අඩුවීමක්


මිල සුත්‍රයට අනුව ඉන්ධන මිලෙහි අඩු වීමක් අද දිනයේ සිදු වනු ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරනවා. පසුගිය මසක කාලයක් තුල බොරතෙල් බැරලයක් ඩොලර් 10කින් පමණ මිල පහල බැස තිබීම හා තවත් කරුණු කිහිපයක් පසනම් කරගනිමින් මිල සූත්‍රයට අනුව මෙලෙස ඉන්දන මිල බොහෝ දුරට අඩු වනු ඇති බවටයි වාර්ථා වෙන්නේ.

මේ අතර පසුගිය 10 වනදා ද ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වු අතර එහිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ඛණිජ තෙල් බළධාරීන් පියවර ගත් අතර, ඒ අනුව ඔස්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 03කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 03කින්ද ඉහළ නැංවීමට පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් ඔටෝ ඩිසල් ලීටරයක මිලෙහි වෙනසක් සිදු වුණේ නොමැත.

No comments

Powered by Blogger.