පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ පිළිබඳ සැකයක් - කාදිනල් හිමිපාණන් කියයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ පිළිබඳ සැකයක් - කාදිනල් හිමිපාණන් කියයි


පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ පිළිබඳ තමන්ට ගැටළුවක් ඇතැයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා. 

තල්ගස්යාය ප‍්‍රදේශයේ විහාරස්ථානයක දහම් පාසලක පැවති සංවත්සරික උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ සෙසු සිද්ධීන්වල පරීක්‍ෂණ මෙන් මෙම සිද්ධියේ පරීක්‍ෂණද නිසි පරිදි සිදු නොවීමට ඉඩ ඇති බවට තමාට සැකයක්ද පවතින බවයි කාදිනල්තුමන් ප‍්‍රකාශ කළේ.

දූෂණය නොමැති කිසිඳු තැනක් ශ්‍රී ලංකාවේ කිසිම තැනක නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. සියළු දෙනා නීතිරිති උල්ලංඝණය කිරීමට පුරුදු වී ඇති බවද කාදිනල්තුමන් ප‍්‍රකාශ කළා.

No comments

Powered by Blogger.