කන්තලේ-සේරුනුවර ජීව උණ්ඩ තොගයක් සොයා ගනී
කන්තලේ-සේරුනුවර මාර්ගයේ කලුපාලම අසල තිබී ජීව උණ්ඩ 1892ක් සොයා ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
කන්තලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ඊයේ(03) ලද තොරතුරක් මත මෙම ජීව උණ්ඩ තොගය සොයා ගෙන ඇති බව වාර්තා වෙයි.
කලුපාලම අසල හමුවී ඇත්තේ 5.56 x 45 උණ්ඩ 1539යි, 7.62 x 39 උණ්ඩ 123යි, 7.62 x 54 උණ්ඩ 72යි, 12.7 x උණ්ඩ 05යි, විවිද පලුදු වූ උණ්ඩ 153ක් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.
මෙලෙස සොයා ගත් උණ්ඩ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සේරුනුවර පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Leave a Comment