ජනාධිපති ප්‍රධානත්වයෙන් අද සවස විශේෂ කැබිනට් රැස්වීමක් - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ජනාධිපති ප්‍රධානත්වයෙන් අද සවස විශේෂ කැබිනට් රැස්වීමක්


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19)  සවස විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ගෙන් සිදුකළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය අඟහරුවාදා දින නියමිත පරිදි කැබිනට් රැස්වීම නොපැවැත්වූ බැවින් ඒ වෙනුවට අද දින කැබිනට් රැස්වීම පැවැත්වෙන බවයි.

අද දින කැබිනට් රැස්වීමේදී මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට සහ වතුකම්කරුවන් ගේ දෛනික වැටුපට රුපියල් 50ක් එකතු කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද අමාත්‍ය අනුකාරක කමිටුවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

No comments

Powered by Blogger.