පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් කිසිම අයෙකුට ඇමතිකමට එහා ගමනක් නෑ - වෙල්ගමගෙන් සැර කතාවක් - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් කිසිම අයෙකුට ඇමතිකමට එහා ගමනක් නෑ - වෙල්ගමගෙන් සැර කතාවක්


ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට ඇති අකැමැත්ත හා පවුල් පාලනයට විරුද්ධතාවය හේතුවෙන් තමන් කිසිම දිනෙක තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගත් නොගත් බව කළුතර දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කරනවා.

මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ශෂීන්ද‍්‍ර රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ආදී ලෙස රාජපක්ෂලාව වැලක්ම සිටින නිසා ඔවුන් සමඟ එක්වන කිසිම අයෙකුට ඇමතිකමට එහා ගමනක් නොමැති බවද වෙල්ගම මහතා පැවසීය.

ඒ හේතුව නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් ලෙස ඉදිරි දේශපාලන කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

No comments

Powered by Blogger.