රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක් දින නියමයක් නොමැතිව වසා දමයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක් දින නියමයක් නොමැතිව වසා දමයි


රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් කළහාකාරි ලෙස හැසිරෙමින් එහි දේපළවලට හානි කර සේවකයින්ට පහර දීමේ සිද්ධින් කිහිපයක් හේතුවෙන් සෙසු සිසුන්ගේ සහ සේවකයින්ගේ ආරක්ෂාව සඳහා වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටි සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

පසුගිය දා සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අවහිර කරමින් විරෝධතාවයක නිරත වූයේ, එහි ආරක්ෂාව සඳහා ගත් ඇතැම් ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින්.

එහිදී සිසුන් ඊයේ දිනයේ අවස්ථා දෙකකදී විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් හා ආරක්ෂක නිලධාරීන් සමග ගැටුම් ඇති කර ගත්තා.

ඒ අනුව විශ්වවිද්‍යාලය වසා දැමීමත් සමග එහි නේවාසිකාගාරවල සිටින සිසුන්ට ඉන් පිටවන්නැයි විශ්වවිද්‍යාල පරිපාලනය දැනුම් දී සිටී.

No comments

Powered by Blogger.