ඔන්ලයින් ක්‍රමයට ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් තුන්දෙනෙකු බම්බලපිටියේ හෝටලයකදී අත්අඩංගුවට


සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ ඔන්ලයින් ක්‍රමයට ගණිකා වෘත්තියේ යෙදී සිටි විදේශීය කාන්තාවන් තුන්දෙනෙකු බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන හා බුද්ධි ඒකකයේ නිලධාරීන් පිරිසක් ඊයේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ උපායදූතයෙකු යොදවා ගනිමින්.

අවුරුදු 25 ත් 40 ත් අතර වයස්වල පසුවන මොවුන් චීන සහ රුසියානු ජාතිකයින් වනවා.

සැකකාර කාන්තාවන් මේ වනවිට මිරිහාන විශේෂ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

No comments

Powered by Blogger.